ඇඹිලිපිටිය, පනාමුර ශ්‍රී කාවන්තිස්ස රජමහා විහාරයේ වාර්ෂික ඇසළ උත්සවයේ මහ පෙරහැර ඊයේ (30) විථි සංචාරය කරනු ලැබුවා. 50 වැනි වරටත් පවත්වනු ලැබූ මෙම ඇසළ මංගල්‍යය පසුගිය 24 වැනිදා සිට ඔක්තෝබර් මස 2 වැනි දින දක්වා පැවැත්වෙනවා. ඔක්තෝබර් පළමු වැනිදා රාත්‍රී මහා දේව තොවිලය පැවැත්වෙන අතර හෙට උදෑසන ගිනි පෑගීම, ගරායක් ශාන්තිකර්මය, මහා දේව දානය සහ ඓතිහාසික ඇත්ගාල උල්පතේදී දිය කැපීමේ මංගල්‍ය සිදු කිරීමේ ඇසළ උත්සවය නිමාවට පත්වීමට නියමිතයි.
තෙරුවන් පූජෝපහාර මහ පෙරහැර ඊයේ (30) සවස 2.30ට වීථි සංචාරය ඇරඹුවේ අලි ඇතුන්ද සහිතවයි. විවිධ නර්තන කණ්ඩායම්ද ඊට එක්ව සිටියා. පහත දැක්වෙන්නේ ඊයේ පැවැති පෙරහැරේ ඡායාරූප එකතුවකි.
ඡායාරූප සහ වාර්තාකරණය - රමේෂ් අමරවංශ වීරසේකර































































































0 Comment to "අලි ඇතුන් පිරිවැරූ පනාමුරේ මහ පෙරහැර"
Post a Comment