මෘත කාලයේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව ඇති හීලෑ අලින්ගේ ප්‍රශ්නයට වහා විසඳුමක් ලබාදීම රජයේ මෙන්ම බලධාරීන්ගේ හා නිලධාරීන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක් බව සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ වන කමල් රත්වත්ත මහතා පවසනවා. ඔහු ඒ බව කියා සිටියේ පසුගියදා සමන් දේවාල භූමියේ පැවැති මාධ්‍ය හමුවකදීයි.
ජනාධිපතිතුමා, අගමැතිතුමා, වනජීවි අධ්‍යක්ෂ සහ හීලෑ අලි හිමියන් එක්ව සිදු කරන සාකච්ඡාවකදී පමණක් මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැකි බවයි කමල් රත්වත්ත මහතා පවසන්නේ. යම් යම් අය වෙත වෙනම සිදු කරන ප්‍රකාශවලින් මෙම ප්‍රශ්නය තවත් අවුල් වීම පමණක් සිදුවන අතර ඉන් එයට විසඳුමක් නොලැබෙන බවද ඔහු පෙන්වා දෙයි. මේ වන විටත් මේ ප්‍රශ්නය නිසා අලි මෙන්ම අලි හිමියන්ද මහත් අපහසුුතාවයකට පත්ව ඇති බවද රත්වත්ත මහතා පවසා සිටිනවා.
අනාදිමත් කාලයක සිට මෙරට මෙන්ම අසල්වාසී ඉන්දියාවේද සිදුවන යම් යම් පෙරහර ඇතුළු සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් යොදාගෙන ඇති බවද එය සත්ව හිංසාවක් නොවන බවද ඒ මහතා පවසයි.
සමහර රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රකාශ නිසා රට තුළ මෙන්ම විදේශයන්වලද වැරදි ප්‍රතිරෑපයක් ඇති වී ඇති බවද ඒ නිසා ඉදිරියේදී රටේ පෙරහර මෙන්ම සංස්කෘතික අංග සඳහා අලි ඇතුන් නොමැතිවීමේ ගැටලුවක් නිර්මාණය වෙමින් පවතින බවද ඔහු පෙන්වා දෙයි. දැනටමත් අයිතිකරුවන් ළඟ සිටින අලි ඇතුන් පෙරහර ආදිය සඳහා එවීමට ඔවුන් බියට පත්ව ඇත්තේ අතරමගදී හෝ ඔවුන් රැගෙන යා හැකි බවට සැකයක් ඇති වී ඇති නිසාය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ අලි හිමියන් ළඟ සිටී හීලෑ අලි ඇතුන් 42ක් පමණ මේ වන විට උඩවලව ඇත් අතුරු සෙවණේ මිනිසුන්ට නොපෙනන ස්ථානයක නඩු භාණ්ඩ ලෙස පවසමින් ගාල්කර ඇති බවයි. මෙය විශාල සත්ව හිංසාවකි.
එක තැන වැඩි කලක් ගාල් කර තැබීමෙන් ඔවුන්ට තිබූ නිදහසත් අහිමි වී ඇති අතර ඔවුන් නොයෙකුත් ලෙඩ රෝගවලට භාජනය වීමේ වැඩි ඉඩක් ඇතිව ඇති බවද පෙන්වා දුන්නාය.
මම මේ ප්‍රශ්නයට අදහසක් ලෙස යෝජනා කර සිටින්නේ ඉක්මණින් මෙම අලි හිමිකරුවන්ට පන්සල් දේවාලවලට හෝ සුදුසු අයට මිලියන 5 - 10ක වන්දි මුදලකට හෝ රජයේ තක්සේරු මුදලකට ලබාදී අවශ්‍ය නම් එයට අමතරව යම් වන්දි මුදලක්ද අය කර ලබාදිය යුතු බවයි. එමගින් රජයට විශාල මුදලක් ලැබෙනවා මෙන්ම ඔවුන් නඩත්තු කිරීමට යන විශාල මුදලද ඉතිරි කර ගත හැකි බවද, මෙම අලි ඇතුුන් විශාල කාලයක් මිනිසුන් සමග ගැවසී ඇති නිසා කැලයට මුදාහැරීමෙන් ඔවුන්ට අනතුරු සිදු විය හැකි බවද රත්වත්ත මහතා පවසා සිටිනවා. මීට පසු කැලයෙන් අලි ඇල්ලීමට දැඩි නීති පනවා ඒවා කඩකරන්නන්ට එරෙහිව නීතිය අනුව කටයුතු කිරීම මගින් අනාගතයේ මේ ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැත හැකි බව ඔහු පවසා සිටියේ.
සුනිල් පියතිලක - රත්නපුර
උපුටා ගැනීම - ලක්බිම පුවත්පත

0 Comment to "පෙරහරට අලි නැතිව අපිත් අලිත් අමාරුවේ"
Post a Comment