ප්‍රවීන ලේඛිකා නන්දා බාලසූරිය මහත්මිය විසින් රචිත ළමා කෘති දෙකක් පසුගියදා සබරගමුව පළාත් සභා පරිශ්‍රයේ දී ජනගත කරනු ලැබීය.
“පුංචි වේයා” සහ එහි ඉංග්‍රීසි පරිවර්තනය වූ “Pancha” යන කෘති දෙක මෙදින ජනගත කරනු ලැබීය.
පාඨශාලාචාර්යවරියක් ලෙස කටයුතු කළ නන්දා බාලසූරිය මහත්මිය මේ වන විට සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ග්‍රන්ථ 105ක් පමණ රචනා කර ඇත.
මෙම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා,පළාත් අධ්‍යාපන අමාත්‍ය භාණු මුණිප්‍රිය,පළාත් සභා මන්ත්‍රී වරුණ ලියනගේ,ආණ්ඩුකාර ලේකම් ලලිත් දොඩංකොටුව,ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා කුමාරි ජයසේකර, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂක ඉංජිනේරු ස්ටැන්ලි හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන්ද, වෛද්‍යවරුන් වන මධුභාෂිනී බාලසූරිය, අජිත් කල්‍යාණප්‍රිය ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් ද,විදුහල්පතිවරු,ගුරුවරු ඇතුළු රජයේ නිළධාරීන් ද, පාසැල් ළමුන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.




0 Comment to "ප්‍රවීන ලේඛිකා නන්දා බාලසූරියගෙන් කෘති දෙකක්"
Post a Comment