කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ සිදු වූ අභිරහස් කාන්තා ඝාතන අතරින් හතක් සිදුකළ බවට සැකපිට දැනට රක්ෂිත භාරයේ සිටින ප්‍රධාන සැකකරු සහ ඉන් ඝාතන දෙකකට සම්බන්ධ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරයේ සිටින සෙසු පුද්ගලයන් දෙදෙනා නැවත මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් ජනිතා රෝෂිණි පෙරේරා මහත්මිය ඊයේ (04) නියෝග කර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොටකෙතන පදිංචිව සිටි අකුරුගොඩ ජයලත්ගේ නීල් ලක්ෂ්මන් සහ ඩබ්ලිව්.ඒ. ධනපාල, ඕපාතගේ ධනංජය මධුරංග යන අයයි. පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පො.කො. සුමිත් මහතා පෙනී සිටියා.

0 Comment to "කොටකෙතන ඝාතන සැකකරුවෝ යලි රිමාන්ඩ්"
Post a Comment