97 ගින්නෙන් ට්‍රාන්ස්ෆෝමරයක් දැවේ

ඇඹිලිපිටිය - උඩවලව මාර්ගයේ 97 ප්‍රදේහයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ ළඳු කැලෑවක ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් විදුලි ට්‍රාන්ස්ෆෝමරයකට බරපතල හානි සිදුවී විදුලිය විසන්ධිවීමෙන් පවුල් 300ක් පමණ පසුගිය සිකුරාදා (14) අපහසුතාවයට ලක්විය. 
ගින්න හටගැනීම හේතුවෙන් ට්‍රාන්ස්ෆෝමරයේ විදුලි පරිපථවලට මෙන්ම විදුලි රැහැන්වලටද බරපතල හානි සිදුව තිබෙනවා. ඇඹිලිපිටිය විදුලි අධිකාරි සම්පත් රාජපක්ෂ මහතා ඇතුළු විදුලිබල මණ්ඩල සේවකයෝ විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ අතර සිදුව ඇති හානිය නිසා කඩිනමින් විදුලිය ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය. 
මේ දිනවල පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් ගින්න සීග්‍රයෙන් ව්‍යාප්ත වී ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා. 

Share this

This will be implemented, based on the latest Embilipitiya, Ratnapura District, including the entire website brought to you news Embilipitiya. You can be reported to us in the news. You also have the opportunity to write articles like kind and ready and we have to express them. So join with us. To raise awareness more friends.

0 Comment to "97 ගින්නෙන් ට්‍රාන්ස්ෆෝමරයක් දැවේ "

Post a Comment

ads