රත්නපුරේ රැකියා පොළ 25 වැනි ඉරිදා

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න හා කම්කරු හා වෘත්තීය සමිති සබඳතා නියෝජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැකියා සේවා මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලබන දිස්ත්‍රික් රැකියා පොළ හා ස්වයං රැකියා අත්වැල වැඩසටහන මෙම 25 වැනි දින පෙ.ව. 8.00 සිට ප.ව. 2.00 දක්වා රත්නපුර ධර්මපාල මහා විද්‍යාලයේදී පැවැත්වේ.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වනුයේ රැකියා සපයන ආයතන හා රැකියා අපේක්ෂිතයන් මුණගැස්වීම, රැකියා අපේක්ෂිතයන්ට වැඩලෝකය පිළිබ‍ඳ අවබෝධය ලබාදීම, රැකියා අපේක්ෂකයන්ට වෘත්තිය මාර්ගෝපදේශනය හා වෙනත් තොරතුරු සැපයීම සහ පුහුණු ආයතන සහ ස්වයං රැකියා පහසුකම් සපයන ආයතන පිළිබඳව රැකියා අපේක්ෂිතයන් දැනුවත් කිරීම බව දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසනවා. 


Share this

This will be implemented, based on the latest Embilipitiya, Ratnapura District, including the entire website brought to you news Embilipitiya. You can be reported to us in the news. You also have the opportunity to write articles like kind and ready and we have to express them. So join with us. To raise awareness more friends.

0 Comment to "රත්නපුරේ රැකියා පොළ 25 වැනි ඉරිදා"

Post a Comment

ads