ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශයට අයත් මොරකැටිය 6 ඇළ ප්‍රදේශයේදී කසිප්පු මිලිලීටර් තිස් දහස් රැගෙන යමින් සිටි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු ඇඹිලිපිටිය පොලිස් පාරිසරික ඒකකයේ ස්ථානාධිපති පො.ප. අමිල රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර සැකකරු ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

0 Comment to "කසිප්පු සමග අයෙක් මොරකැටියේදී දැලේ"
Post a Comment