රත්නපුර සිට කලවාන බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකුට පසුගිය 6 වැනිදා ලංගම බස් රථයක කොන්දොස්තරවරයකු ඇතුළු පිරිසක් පහරදුන් බව පවසමින් ඊයේ (7) රත්නපුර - කලවාන මාර්ගයේ ධාවනය වන සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව උද්ඝෝෂණයක නිරත විය.
මෙහිදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවට කලවාන පොලිස් ස්ථානාධිපති කේ.සී.එල්.කේ. දයාවංශ මහතා ලබාදුන් පොරොන්දුව මත පැයකට පමණ පසුව නැවත බස් ධාවනය ආරම්භ කිරීමට පෞද්ගලික බස් සේවකයෝ තීරණය කළහ.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ඇලෝසියස් පෝන් නමැත්තෙකි. පහර කෑමට ලක්වූ කොන්දොස්තරවරයා නිවිතිගල වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

0 Comment to "OICගේ පොරොන්දුවෙන් කලවානේ බස් වර්ජනය නවතී"
Post a Comment