යටියන්තොට කබුළුමුල්ල වලහේන අතුරු මාර්ගයේදී ඊයේ (07) උදෑසන භාණ්ඩ පැටවීම සඳහා යොදා ගන්නා පෝක්ලිෆ්ට් යන්ත්‍රයකට යටවීමෙන් එහි රියැදුරු මියගොස් ඇති බව යටියන්තොට පොලීසිය පවසනවා.
අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ යටියන්තොට ගොමාඩුවේ පදිංචි ඒ.එම්. ධනුෂ්ක ප්‍රියදර්ශන නමැති 33 හැවිරිදි අයෙකි.
පෝක්ලිෆ්ට් යන්ත්‍රය සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ පිහිටි පෞද්ගලික ආයතනයකට අයත් එකක් වන බවයි පොලීසිය කියා සිටියේ.
බෑවුම් සහිත වලහේන මාර්ගයේ සිට ප්‍රධාන මාර්ගය දෙසට රියැදුරුට පාලනය කර ගත නොහැකි අයුරින් යන්ත්‍රය ධාවනය වීමනිසා ප්‍රධාන මාර්ගය ආසන්නයේදී රියැදුරු ඉන් ඉවතට පැනීමත් සමග යන්ත්‍රය රියැදුරුගේ ඇඟමතට පෙරළී ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වූ බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් යටියන්තොට පොලීසිය පරීක්ෂණ සිදු කරනවා.

0 Comment to "පැදවූ පෝක්ලිෆ්ට් රථයටම යට වී රියැදුරු මරුට"
Post a Comment