ඇඹිලිපිටිය මෙන්ඩිස් ගොඩනැගිල්ලේ පැවැති සාදයක් අතරතුර තරුණයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයේදී උසාවි සැරයන්වරයා මාධ්‍යවේදීන්ගෙන් සටහන් පොත් ලබාගෙන ඇත්තේ අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් බව අනාවරණ වී ඇති බව ජාතික පොලිස් කොමිසන් සභාව පවසනවා.
එහිදී මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජාතික පොලිස් කොමිසන් සභාවට පැමිණිලි කර තිබිණි. ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මගින් විමර්ශනයක් සිදු කළ පොලිස් කොමිසම එහි නිගමනයන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට ලිඛිතව දැනුම් දෙමින් පවසා ඇත්තේ පොලිස් නිලධාරියා උසාවි නියෝග ක්‍රියාත්මක කර ඇති බව අනාවරණය වීම නිසා ඔහු සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.
මේ සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් වෙත්නම් දින 14ක් ඇතුළත දන්වන ලෙසද පොලිස් කොමිසම එම සංවිධානයට දැනුම් දී තිබෙනවා.

0 Comment to "මාධ්‍ය සටහන් පොත් උදුරන් තියෙන්නේ උසාවි නියෝගයකින්"
Post a Comment