තිරිංගවල හටගත් කාර්මික දෝෂයක්හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක්, පාසල් අවසන් වූ දරු දැරියන් රැගෙන යමින් සිටියදී කුරුවිට මලව ප්‍රදේශයේදී අනතුරට පත්ව ඇති අතර ඉන් ජීවිත හානියක් සිදුව නොමැති බව කුරුවිට පොලීසිය පවසනවා.
රියැදුරුගේ දූරදර්ශී ක්‍රියාව හේතුවෙන් මෙම අනතුර වළක්වා ගැනීමට හැකි වූ අතර පාසල් දැරියක සුළු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කළ බවත් ඇගේ තත්ත්වයද බරපතල නොවන බවත් පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.
බසයේ තිරිංග ක්‍රියා නොකරන වටහාගත් රියැදුරු පාර අයිනෙන් පල්ලමට යන්නට හැර තිබූ බවත් පල්ලමට ඇදී ගිය බස් රථය දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිරියේ වූ තාප්පයේ වැදී නතර වී ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

0 Comment to "බ්‍රේක් නැති වූ පාසල් බස් රිය තාප්පයක ගැටී නවතී"
Post a Comment