11 හැවිරිදි දිනිඳු බැකෝ පතලක සැඟවෙයි

එල්ලාවල අකුරණ පඹහේන වෙල්යායේ  නොවැසූ බැකෝ පතලයක දිය නෑමට ගිය 11 හැවිරිදි පාස්ල දරුවෙක් 3 වැනිදා සවස 5.45ට පමණ දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ දිනිඳු උදයංග ප්‍රියශාන්ත නමැති කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 6 වසරේ ඉගෙනු ලැබූ එල්ලාවල පහළකන්ද ප්‍රදේශයේ පදිංි අයෙකි. 
සම වයසේ යහළුවන් දෙදෙනෙකු සමග ගෙදරට නොදන්වා කිලෝ මීටර් දෙකක් දුර පිහිටි මෙම නොවැසූ බැකෝ පතලයට දියනෑමට ගොස් තිබෙනවා. මෙම ප්‍රදේශය ගැන මේ අයට නිසි අවබෝධයක් තිබිණි. අක්කර 15කට අධික පාළු වෙල්යායක් මැද මෙම පතල පිහිටා තිබේ. මෙය පතලයක් ලෙස හැඳින්වුවත් එය දිස්වන්නේ පුංචි වැවක් ලෙසිනි. පතලය අයිනේ තම යහළුවන් දෙදෙනා නවතා මම රවුමක් පිහිනා එන බව පවසා මියගිය සිසුවා දියට පැන ඇත. අනතුරුව ඔහු නොපෙනී ගිය අතර එක් යහළුවෙක් එම ස්ථානයේ තබා අනිත් යහළුවා මියගිය අයගේ වැඩිහිටියන්ට පවසන්නට ගෙදර ගොස් තිබෙනවා. පසුව මවුපියන් පැමිණ මහත් වෙහෙසක් දරා දරුවා දිය යට එරී සිටියදී ගොඩගෙන තිබේ. පසුව මළ සිරුරු ඇහැළියගොඩ රෝහලට ගෙන ගොස් ඇත. 
මෙම බැකෝ පතල්වලට බලපත්‍ර දෙන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි. මේ වන විටත් මෙවැනි බැකෝ පතල් බලපත්‍ර 70කට අධික ප්‍රමාණයක් රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වේ. 


Share this

This will be implemented, based on the latest Embilipitiya, Ratnapura District, including the entire website brought to you news Embilipitiya. You can be reported to us in the news. You also have the opportunity to write articles like kind and ready and we have to express them. So join with us. To raise awareness more friends.

0 Comment to "11 හැවිරිදි දිනිඳු බැකෝ පතලක සැඟවෙයි"

Post a Comment

ads