ගංජා වැවූ දෙදෙනෙකුට රු. 20000ක් දඩ

ඇඹිලිපිටිය, මුල්ඇඬියාවල, මලපලාවල ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ පිටුපස ගංජා වැවූ එම නිවැසියාට සහ තවත් අයෙකුට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය මගින් එක් අයෙකුට රුපියල් 10000 බැගින් රුපියල් 20000ක දඩ නියම කළේය. 
මෙම වැටලීම ඇඹිලිපිටිය සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති සුරාබදු පරීක්ෂක ජී.එල්.එන්. හේමන්ත මහතාගේ උපදෙස් මත එම කාර්යාලයේ සුරබාදු පරීක්ෂක චතුර දයාරත්න, සුරාබදු නියාමකවරුන් වන ධම්මික (1033), ගයාන් (1174), තේනුක (1193) හා රියදුරු නුවන් යන නිධාරීන් කර තිබෙනවා.

විජය වී. පතිරණ - ඇඹිලිපිටිය

20 සබරගමුවේදීත් සම්මත වෙයි

පළාත් සභා මැතිවරණය එකම දිනකදී පැවැත්වීම වෙනුවෙන් ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත සබරගමුව පළාත් සභාව විසින් වැඩි ඡන්ද 21න් සම්මත වී තිබේ.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 29ක් සහ විපක්ෂව ඡන්ද 8ක් ලැබුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
ඒ අනුව වැඩි ඡන්ද 21කින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත සබරගමුව පළාත් සභාවේ දී සම්මත වුණි.
එමෙන්ම තවත් 6 දෙනෙකු අද දිනයේ පළාත් සභාවාරය සඳහා නොපැමිණි බව අද දෙරණ වාර්තාකරු පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු ධුරයෙන් ඉවතට

සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අරුන්දික ප‍්‍රනාන්දු මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර තිබේ.
ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර තිබෙන අතර එය අද (12) සිට බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

ඇඹිලිපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අල්ලස් දැලේ පැටලේ

ඇඹිලිපිටිය පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් මුදලක් ලබාගැනීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැමිණිලිකරුවකුගෙන් රුපියල් 18,868ක මුදලක් අල්ලස් වශයෙන් නගරයේ ප්‍රධාන බැංකුවක් ආසන්නයේදී ලබාගැනීමට යාමේදී විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට සැකකරු පෙබරවාරි මස 14 වැනිදා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

ශ්‍රීපාදයට අත තියන්න ආ එටිසලාට් ට එරෙහිව ෆේස්බුකියේ විරෝධය ඇවිලෙයි !

අරාබි ජාතික ව්‍යාපාරිකයන් එටිසලාට් සමාගමේ අනුග්‍රහයෙන් ශ්‍රීපාද රක්ෂිතය එළිකර දැවැන්ත හෝටලයක් ඉදිකිරීමට සූදානම්වන බව මේ වන විට රහසක් නොවෙයි. ඒ හරහා ශ්‍රීපාදස්ථානය මුස්ලිම්කරණය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද කතාබහට ලක්වනවා. මෙම සිදුවීම් අනාවරණයවීමත් සමග එටිසලාට් සමාගමට එරෙහිව දැවැන්ත විරෝධයක් මේවන විට ගොඩනැගෙමින් පවතිනවා.

අදාළ සමාගම වෙනුවෙන් වැය කරන ශතයක් පවා ජාතියේ මිනී වල සියතින් කපා ගැනීමට දක්වන දායකත්වයක් බවයි බොහෝ අය පවසා තිබෙන්නේ. මෙරට තුළ හිස ඔසවන ඉස්ලාමීය අන්තවාදය සදහා අරමුදල් සපයන ප්‍රධාන පෙළේ ආයතනවලින් එකක් ලෙසද එම සමාගම චෝදනාවට ලක්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සමාජ ජාලාවල සංසරණයවන පලකිරීම් කිහිපක් පහතින්
























පියාගේ අවධානයෙන් ගිලිහුණු මල් කැකුළ ටිපර් රථයට බිළි [ඡායාරූප සහිතයි]


ඇඹිලිපිටිය - නෝනාගම ප්‍රධාන මාර්ගයේ කොතලාවල ප්‍රදේශයේ මහවැලි ක්‍රීඩාංගණය අසලදී ටිපර් රථයකට යටවීමෙන් වයස අවුරුදු 03 ක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.  



පියා සමඟ මාර්ගය අසල රැඳී සිටි මෙම දරුවා පියා තවෙකෙකු  සමඟ කතාබහ කරන අතරතුර ඔහුගේ අවධානයෙන් මිදී මාර්ගය මැදට පැමිණ තිබෙනවා. එහිදී දරුවා ටිපර් රථයකට යටවී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

















ඡායාරූප  - පාලිත කපුගෙදර සහ ලශීනා මොරායස්ගේ Facebook ගිණුම්වලින් ලබාගන්නා ලදී.

97 1/2දී වාහන තුනක් එකිනෙක ගැටේ - දෙදෙනෙක් රෝහලට

ඇඹිලිපිටිය මිද්දෙණිය මාර්ගයේ කුඹුගොඩආර ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබෙනවා. එහිදී  යතුරු පැදියේ ගමන් කරමින් සිටි බිරිඳ සහ කුඩා දරුවා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ කටුවන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි එක් දරු පියෙකි. 
සිද්ධිය සම්බන්ධයෙන් ට්‍රැක්ටරයේ රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. 
මේ අතර ඇඹිලිපිටිය - උඩවලව මාර්ගයේ 97 1/2 බෝධිමළුව විද්‍යාලය අසලදී මෝටර් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. එහිදී මාර්ගය අසල නවතා තිබූ තවත් මෝටර් රථයක්ද අනතුර හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන තිබෙනවා. පහත දැක්වෙන්නේ බෝධිමළුව විද්‍යාලය අසල සිදු වූ රිය අනතුරේ ඡායාරූපයි. 






ඡායාරූප  - මධුෂ සම්පත් සහ චන්දු වීරසූරිය

උඩවලව වැව් බැම්මේ අනතුරෙන් තුනක් මරුට - 16ක් රෝහලට

උඩවලව වැව් බැම්මේදී ටිපර් රථයක් සහ  බස් රථයක් ගැටී අද (17) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලීසිය සඳහන් කළේ. 

තුවාල ලැබූවන් ඇඹිලිපිටිය මූලික රෝහලට සහ උඩවලව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය වූ බස් රථය, ටිපර් රථය ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.



















ඡායාරූප උපුටා ගැනීම - ඇඹිළිපිටිය සෙට් එක ෆේස්බුක් පිටුවෙනි

ads