උඩවලව වැව් බැම්මේදී ටිපර් රථයක් සහ බස් රථයක් ගැටී අද (17) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුරින් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූවන් ඇඹිලිපිටිය මූලික රෝහලට සහ උඩවලව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය වූ බස් රථය, ටිපර් රථය ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
ඡායාරූප උපුටා ගැනීම - ඇඹිළිපිටිය සෙට් එක ෆේස්බුක් පිටුවෙනි


















0 Comment to "උඩවලව වැව් බැම්මේ අනතුරෙන් තුනක් මරුට - 16ක් රෝහලට"
Post a Comment