ඇඹිලිපිටිය එජනිසයේ හිටපු මන්ත්‍රී ඇතුළු 2ක් අත්අඩංගුවට

තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඇඹිලිපිටිය එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු කොළොන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(10) පස්වරුවේ යතුරුපැදියකින් සිය නිවස බලා යමින් සිටියදී වෑන් රථයකින් පැමිණි හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් අදාළ තරුණයාට පහර දී ඇති බව සඳහන්ය.

සිද්ධියෙන් තුවාල ලැබු තරුණයා ප්‍රතිකාර සඳහා කොලොන්න රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධියට අදාළව සැකපිට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ ඔහුගේ ඥාතියෙකු අත්අඩංගුවට ගත් බව කොලොන්න පොලීසිය සඳහන් කරයි.

කෙසේවෙතත් තුවාල ලැබු තරුණයා විසින් මන්ත්‍රීවරයාගේ පාර්ශවයේ තවත් පුද්ගලයෙකුට පහරදී ඇති බවට ද පැමිණිල්ලක් ලැබී ඇති බව කොළොන්න පොලීසිය සඳහන් කළේය.

එම පුද්ගලයා ද මේ වන විට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසුවේය.

හිටපු මන්ත්‍රීවරයාගේ ඥාතියෙකු කල්බදු ක්‍රමයට වාහනයක් ලබාගැනීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ගැටුමට හේතූ වී ඇති බව කොලොන්න පොලීසිය සිදුකළ මුලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ. 
  

Share this

This will be implemented, based on the latest Embilipitiya, Ratnapura District, including the entire website brought to you news Embilipitiya. You can be reported to us in the news. You also have the opportunity to write articles like kind and ready and we have to express them. So join with us. To raise awareness more friends.

0 Comment to "ඇඹිලිපිටිය එජනිසයේ හිටපු මන්ත්‍රී ඇතුළු 2ක් අත්අඩංගුවට"

Post a Comment

ads