වලව සුපර්ක්‍රොස් සෙවනගලදී

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රී ලංකා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය සමග එක්ව සංවිධානය කරන වලව සූපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය මේ මස 11 වැනිදා ඇඹීලිපිටිය සෙවනගල “ක්‍රාෆ්ට්මන් ඔටෝඩ්‍රොම්” ධාවන පථයේදී පැවැත්වෙයි.

2011 වසරේ අණදෙන නිලධාරී විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු අධිපතිතුමා වූ මේජර් ජෙනරල් ලලිත් විජේතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ සංකල්පයක් අනුව මේජර් ජෙනරල් රවී මායාදුන්නේ නිලධාරියාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ආරම්භ වූ මෙම තරගාවලිය ශ්‍රී ලංකා යුධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සේවය කරමින් සිටියදී රට දැය වෙනුවෙන් ජීවිත පූජා කළ සහ ආබාධිත තත්වයට පත් වූ රණවිරුවන්ගේ පවුල් වල සුභ සාධනය උදෙසාත් රෙජිමේන්තුවේ සංවර්ධන කාර්යයන් සඳහා අවැසි මූල්‍ය ප්‍රතිපාදන උපයා ගැනීමේ පරමාර්ථයෙන් 2011 වසරේදී අරඹන ලද මෙම තරගාවලිය අඛණ්ඩව හයවන වරටත් මෙම වසරේත් පැවැත්වෙයි.

යතුරු පැදි තරග 13 කින් හා මෝටර් රථ තරග 11 කින් සමන්විත මෙම තරගාවලියට තරග කරුවන් 200කට ආසන්න පිරිසක් සහභාගිවීමට නියමිතය.

උඩවලව සිට තණමල්විල මාර්ගයේ කිලෝ මීටර්17 ක් දුරින් සෙවනගල ප්‍රදේශයේ උඩවලව ජාතික වනෝද්‍යානයට යාබදව ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 250ක් පමණ දුරින් ක්‍රාෆ්ට්මන් ඔටෝඩ්‍රොම් ධාවන පථය පිහිටා ඇත. දිග කිලෝ මීටර් 1.7 කින්ද පළල මීටර් 30 කින්ද සමන්විත මෙම ධාවන පථය වේගවත් මෝටර් රථ හැරවූම් වංගු 05 කින් සමන් විත වෙයි. මෙම ධාවන පථයේ ප්‍රධාන පීටිකාවට අමතරව ප්‍රේකෂකයින් 50,000 කට අධික පිරිසක් එකවිට තරග නැරඹීමේ හැකියව ඇති ප්‍රධාන ධාවන පථයකී.

මෙවර තරගාවලිය වර්තමාන විදුලි හා යාන්ත්‍රීක ඉංජිනේරු බළකාධීපති හා අධ්‍යක්ෂක බ්‍රීගේඩියර් රනුල රාජකරුණාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සංවිධානය කර ඇති අතර ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කෝස්වේ පේන්ට් ලංකා (පුද්ගලික) සීමාසහිත සමාගම කටයුතු කරන අතර සියැට් කැළණි ඉන්ටර්නැෂනල් ටයර් (පුද්ගලික) සමාගම හා සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සම අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි.


EVENT LIST 2016

MOTORCYCLES


Group "M" Street Trail 

1 Standard/Modified up to 125 cc (2T) 
2 Standard/Modified up to 125 cc (2T) & 250cc (4T) 
3 Standard/Modified Opean (4T) (Special club Event)

Group "J -MX" Racing Motorcycles 

4 Racing Motorcycles 50cc - Over 5 Years and under 10 Years 
5 Racing Motorcycles - Over 65cc up to 85cc(2T) & over 100cc up to 150cc Under 13 years 
6 Racing Motorcycles - Over 65cc up to 85cc (2T) & over 100cc up to 150cc Under 16 years

Group "MX" Racing Motorcycles 

7 Racing Motorcycles - Over 100cc up to 125cc (2T) 
8 Racing Motorcycles - Over 100cc up to 125cc (2T) & over 175cc up to 250cc(4T) 
9 Racing Motorcycles - Opean (2T) & (4T)(Special Club Event) 
10 Racing Motorcycles - Over 100cc up to 125cc(2T) - Forces Event (Special Club Event)

Group "SM" Super Moto/Supermotard Motorcycles 

11 Motorcycles - Over 100cc up to 125cc (2T) & Over 175cc up to 250cc(4T) 
12 Motorcycles - Over 175cc up to 250cc (2T) & Over 290cc up to 450cc(4T) 
13 Motorcycles - Opean including 125cc up to 500cc (2T) & Over 250cc up to 750cc(4T)

MOTOR CARS


Group SL - E

14 Cars up to 1000cc one make Nissan March (Entry Level) Group SL - N 
15 Ford LaZer/Mazda 1300cc 
16 Ford LaZer/Mazda 1500cc 

Group SL - A 

17 Mini 7 up to 1000cc 
18 Modified up to 1050 cc 

Group SL - H 

19 Cars up to 1600cc 
20 Subaru up to 2200cc Non Turbo 

Group SL - S 

21 Cars Special up to 1500cc 

Group SL - GT 

22 Cars up to 3500cc 

Group T&J 

23 Trucks & Jeeps Diesel Turbo up to 5500cc 
24 Trucks & Jeeps - Open


Share this

This will be implemented, based on the latest Embilipitiya, Ratnapura District, including the entire website brought to you news Embilipitiya. You can be reported to us in the news. You also have the opportunity to write articles like kind and ready and we have to express them. So join with us. To raise awareness more friends.

0 Comment to "වලව සුපර්ක්‍රොස් සෙවනගලදී "

Post a Comment

ads