ඇඹිලිපිටිය මෙන්ඩිස් ගොඩනැඟිල්ලෙන් පහළට තල්ලු කර මරා දැමී යැයි කියන පුද්ගලයාගේ මරණයට සම්බන්ධ ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලීසියේ පිරිසට එරෙහිව නීතීමය පියවර ගන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා කාන්තාවක ඇතුළු හතර දෙනෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ නොතීසි සහකාර සහකාර පොලිස් අධිකාරීවරයාට යළි යොමු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
මෙම පෙත්සම ප්‍රියසාද් ඩෙප් සහ ප්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මෙම සිද්ධියෙන් මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ වන ශෂිකා නිෂාමනී මුණසිංහ, සිද්ධිය සිදුවූ ගොඩනැගිල්ලේ අයිතිකරු වන දේවගේ පද්මසිරි මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් ඇතුළු සිවිදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ඩී.ධර්මරත්න ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

0 Comment to "ASPට නොතීසි යවන්න නියෝග"
Post a Comment