Second Hotel school in sabaragamuwa

සබරගමු සංචාරක හා හෝටල් කලමනාකරණ ආයතනයේ දෙවැන්න පින්නවලට



කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන පින්නවල සංචාරක කලාපය ආශ්‍රිතව නව සංචාරක හා හෝටල් කලමනාකරණ ආයතනයක් (හෝටල් පාසලක්) සබරගමුව පලාත් සභාව මගින් ආරම්භ කරයි.

සංචාර අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කලමනාකරණ ආයතනය හා ඒකාබද්ධව ආරම්භ කෙරෙන මෙම ආයතනය සදහා සබරගමුව පලාත් සභාව වැය කරන මුදල රුපියල් ලක්ෂ 1690කි.

මහල් හතරකින් සමන්විතව ඉදිකෙරෙන මෙම සංචාරක හා හෝටල් කලමනාකරණ ආයතනය යටතේ වෘත්තීමය සූපශ්‍රාස්ත්‍රය(Professional Cookery),භෝජනාගාර සේවය(Food & Beverage Operations),අමුත්තන් පිලිගැනීම(Front Office Operations) සහ ගෘහපාලනය(Hotel House Keeping) යන පාඨමාලා හැදෑරීමට හැකිය.

මෙම පාඨමාලා සහ එම හැදෑරීම් තුලින් කොළඹ විශ්ව විද්‍යාලය මගින් පිරිනමනු ලබන පශ්චාත් උපාධිය දක්වා අධ්‍යාපනය හැදෑරීමට ද හැකියාව පවතී.

මෙම ආයතනය කෑගල්ල පින්නවල අලියානාථාගාරය,සත්ව උද්‍යානය හා අපේගම යන සංචාරක කලාපය කේන්ද්‍ර කරගනිමින් ඉදිකෙරෙනු ඇති.

සබරගමුව පලාත් සභාව සහ සංචාරක අමාත්‍යංශය එක්ව 2010 වර්ෂයේදී රත්නපුර නව නගරය ආශ්‍රිතව මෙවන් සංචාරක හා හෝටල් කලමනාකරන ආයතනයක් ආරම්භ කර ඇති අතර ඉන් වාර්ෂිකව තරුණ තරුණියන් 200 පමණ දෙස් විදෙස් රැකියා අවස්ථා සදහා යොමුකරයි.

මෙම නව සංචාරක හෝටල් කලමනාකරණ ආයතනයට අදාලව විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගිය දා (23) රත්නපුර පිහිටි සබරගමුව පලාත් සභාවේදී පැවැත්විනි.



මෙම අවස්ථාවට පලාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්,ප්‍රධාන ලේකම් හේරත් පී.කුලරත්න,ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් බී.එම්.පී.එන්.බෙලිගම්මන,ප්‍රධාන අමාත්‍යංශයේ සහකාර ලේකම් එම්.බී.එස්.එන්.කුමාරගේ යන මහත්වරු එක්ව සිටියහ.

Share this

This will be implemented, based on the latest Embilipitiya, Ratnapura District, including the entire website brought to you news Embilipitiya. You can be reported to us in the news. You also have the opportunity to write articles like kind and ready and we have to express them. So join with us. To raise awareness more friends.

0 Comment to "Second Hotel school in sabaragamuwa"

Post a Comment

ads